32 C
Colombo
Friday, January 17, 2025

කාදිනල් හිමි සම්බන්ධ කර සකසා තිබූ ව්‍යාජ හඬ පටය ගැන කතෝලික සභාවේ මතය

- Advertisement -

කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානිවන අන්දමේ හඬ පටයක් පිළිබඳව නාමල් කුමාර නැමැත්තා පසුගියදා සිදුකළ පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (29) අගරදගුරු නිල නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මේ බව සඳහන් කළා.

කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානිවන අන්දමේ හඬ පටයක් සංසරණය වන බව පවසමින් ඒ පිළිබඳ පරික්ෂණයක් කරන්නැයි ඉල්ලා නාමල් කුමාර නැමැත්තා දෙසැම්බර් 24 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා,

“නාමල් කුමාර, කදිනල් හිමියන්ට මෙවැනි චෝදනාවක් කිරීම ගැන මුළු කතෝලික ප්‍රජාවම හෙළා දකිනවා. නාමල් කුමාර නැමැත්තා කාගේ හෝ වුමනාවකට සැලසුම් සහගතව කාදිනල් හිමියන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට ගන්නා උත්සාහයක් ලෙස අපි දකිනවා. නාලක සිල්වා සහරාන් පිළිබඳ විමර්ශනය කළා ඔහුගේ සැලසුම් හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගන්න. නමුත් එය වැළැක්වීමට නාලක සිල්වා පිළිබඳ නාටකයක් හදලා ඔහුව හිරේ දාන්නේ. ඒ තුළ පාස්කු බෝම්බය පුපුරා ගියා. එය සිදුවෙන්න ඕනේ නිසා නාලක සිල්වා හිරේ දැම්මා. මේ සැලැස්මේ මූලිකයා තමයි නාමල් කුමාර. මේ පිළිබඳ බැලුවම අපිට පැහැදිලියි නාමල් කුමාර කාගේ හෝ වුවමනාවකට අලුත් නාඩගමක් නටන්න යනවා. රාජපක්ෂලගේ හෙවනැලි තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ චෝදනාවෙන් කාදිනල් හිමියන්ගේ ප්‍රතිරූපයට සිදුවූ හානිය ගැන විමර්ශනයක් කරලා සාධාරණය ඉටු කරලා දෙන්න කියලා”.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර...

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

POPULAR ARTICLES