29 C
Colombo
Saturday, January 18, 2025

කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්

- Advertisement -

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එළැඹෙන 17 රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම නම යෝජනා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා :

“වගකිවයුතු පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්න ඕනේ. පැහැදිලිවම කථානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙලා විතරක් ප්‍රමාණවත් නැහැ. මේ අය කරලා තියෙන්නේ රටේ ජනතාව නොමඟ යවලා තියෙන්නේ. හරි විදිහට ඔහුගේ මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත්වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපේ බරපතළ විවේචනයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාද දිනයේදී අපෙනුත් කථානයකවරයෙක් යෝජනාකරන්න. මොකද අපිට විශ්වාසයක් නැහැ ඊළඟට කථානායක විදිහට මාලිමාවෙන් නම්කරන පුද්ගලයාගේ සුදුසුකම් හෝ විශ්වාසය පිළිබඳ. ඒ පිළිබදව බරපතළ සැකයක් තියෙනවා. ඊළඟ සැරෙත් අපිට රැවටෙන්න බැහැ. අපිත් රැවටිලා ඒයාට සහායෝගය දුන්නානේ. ඒ නිසා අනිවාර්යෙන් අපි මීළග පාර්ලිමේන්තු දවසේ විපක්ෂයේ නමකුත් යෝජනා වෙනවා. හැබැයි ඒ යෝජනාකරන කෙනාගේ බොරු අධ්‍යාපන සහතික නෑ.”
 
මේ අතර කථානායක අශෝක රංවල මහතාට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල රටතුළ දැඩි ආන්දෝලනයක් මතුවුණා.

එවන් පසුබිමක පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයකින් පෙරේදා (13) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් රංවල මහතා සඳහන් කළේ, තමා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව, ඒ මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකර ඇති අතර ජනාධිපතිවරයා විසින් එය පිළිගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

POPULAR ARTICLES