24 C
Colombo
Thursday, February 13, 2025

විපක්ෂ නායක හමුවු විපක්ෂය

- Advertisement -

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්ව තිබුණා.

ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදුව තිබෙනවා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ අවධානයට යොමු කිරීම සඳහා සැවොම පෙළ ගැසෙන ලෙසයි.

ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බවත් සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසුවේ ආණ්ඩුවේ යහපත් දේට සහය ලබාදෙනවා මෙන්ම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට ⁣එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවත්ය.

මෙම අවස්ථාව සඳහා අනුරාධ ජයරත්න, ශානක්‍ය රාසමානික්‍යම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රවී කරුණානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES