32 C
Colombo
Tuesday, February 18, 2025

ඉස්සර කෙඳිරි ගෑවේ විපක්ෂය, දැන් කෙඳිරි ගාන්නේ ආණ්ඩුව – ඩි. වී. චානක

- Advertisement -

ජාතික ජනබලවේග වේදිකාවේ සිටි දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව යටතේ පොලිසියේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන විට කිසිදු සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, අත්අඩංගුවට පත් යෝෂිත රාජපක්ෂගේ සුව දුක් විමසීමට ඊයේ (25) CID පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“අද දවසේ එක පැත්තකින් දෙහිවලට යනවා වාහන ගණනාවක්. අනිත් පැත්තෙන් බෙලිඅත්තට යනවා වාහන ගණනාවක්. ආසන්න වශයෙන් මං හිතන්නේ වාහන 10ක් හෝ 12ක් යොදාගත්තා යෝෂිත මහත්තයාව අත්අඩංගුවට ගන්න. ආණ්ඩුවෙන් කිව්වා මේ සතියේ එක්කෙනෙක් අත්අඩංගුවට පත් වෙනවා කියලා. ඒ වගේම ඉදිරි සතියේ දෙන්නෙක් අත්අඩංගුවට පත් වෙනවා කියලා. දැන් ආණ්ඩුවද තීරණය කරන්නේ කවුද අත්අඩංගුවට පත් වෙන්නේ, ඒ කෙනා මොන සතියේ අත්අඩංගුවට පත් වෙන්නේ කියන එක රටේ ජනාධිපතිතුමාද ඒ වගේම ආණ්ඩුවද තීරණය කරන්නේ?

මාලිමාවේ වේදිකාවේ හිටපු දෙන්නෙක් පොලිසියේ ප්‍රධානීන් වෙනකොට අපි සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. සමහර විට ඒක දැන් CID එකෙන් සහ පොලිසියෙන් දන්නවත් ඇති මොකද දැන් ආණ්ඩුවෙන් නේ ලියලා දෙන්නේ කාව්ද අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් විපක්ෂය තමයි ඉස්සර කෙඳිරි ගෑවේ දැන් ආණ්ඩුව කෙඳිරි ගානවා.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES