23 C
Colombo
Friday, February 14, 2025

පූජිතටයි හේමසිරිටයි මහාධිකරණය දුන් නියෝගය

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා.

අදාල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ගේ විත්ති වාචිකව කැඳවීමට පියවර ගන්නා ලෙස ඉකුත්දා නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව අදාළ නඩුව අද (22) නාමල් බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අනුව ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නඩු තීන්දුව විත්තිකරුවන්ට කියවා දී තිබෙනවා.

මෙම නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි විමසන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව මගින් දැනුම් දී ඇතැයි ද විනිසුරුවරු විසින් විත්තිකරුවන්ට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව නඩුව ලබන 28 වනදා කැඳවීමටද නියම වුණා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES