29 C
Colombo
Saturday, January 18, 2025

ජනකට අධිකරණයෙන් දුන් නියෝගය

- Advertisement -

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ ගෙවා තිබේ ද යන්න පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට අද (10) නියෝග කළා.

තම සේවාදායකයින් එම මුදල් ඊයේ (09) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවා ඇති බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබෙනවා.

පෙර නඩු වාරයේ දී අධිකරණය කළ දැනුම්දීමකට අනුව එම වගඋත්තරකාර අඹුසැමි යුවළ අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට නැවත මෙම මස 17 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි පැවසෙන්නේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා යන අඹුසැමි යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට එසේ නියම කෙරුණා.

ඉහත සඳහන් කළ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන වග උත්තරකාර අඹුසැමි යුවල එම ආයතනය වෙනුවෙන් 2016,2017,2018 වර්ෂ තුන සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 31,846,248.24 ක් හා හිඟ ආදායම් බදු මුදල් වශයෙන් රුපියල් 1,851,658.37 ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් ඔවුන් එම මුදල් ගෙවීම පැහැර හැර ඇති බව ද නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙර නඩු වාරයේ දී අධිකරණයට දැනුම්දී තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර අඹු – සැමි යුවළ වෙනුවෙන් සම්පත් ජයවර්ධන හා රුක්ෂාන් යන නීතිඥවරු පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES