29 C
Colombo
Wednesday, July 17, 2024

ටැටූ ආයතනයේ හිමිකරු රහස් ප්‍රකාශයක් දෙන්න ඉල්ලයි

- Advertisement -

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවසර ඉල්ලා තිබෙනවා.

ඒ, ඔහු ඇතුළුව සැකකරුවන් 7 දෙනා ඊයේ (10) දිනයේදී කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දියි.

එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, නැවත වතාවක් සිතා බලා එම ඉල්ලීම සිදුකරන ලෙසයි.

මේ අතර, සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නමුත් ඊට අවසර ලබානොදුන් අධිකරණය, එම සැකකරුවන් ජුලි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

එමෙන්ම, බන්ධනාගාරය තුළ ලොකු පැටී නම් අපරාධකරුගේ සගයන් සිටින බැවින් අදාළ සැකකරුවන්ට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසද අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක දී වෙඩි තබා ඝාතනය කළා.

එහිදී ප්‍රසිද්ධ ගායන ශිල්පී කේ.සුජීවාගේ සැමියා වන නයන වාසුල නැමැත්තා ද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ හා ඔහුගේ ඥාතී හිතවතෙකු තුවාල ලැබුවා.

ඒ අතරින් මේ වනවිටත් ක්ලබ් වසන්තගේ බිරිඳ හා ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ බරපතළ තත්ත්වයෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ, ගායන ශිල්පිනී කේ. සුජීවාගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි.

අනෙක් පුද්ගලයාගේ තත්ත්වය ද බරපතළ නොවන බව වාර්තා වනවා.

ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳව අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

දේහය හෙට (12) පෙරවරුවේ 8.30 සිට මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබීමට නියමිත බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම...

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා...

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...