2019 වසරේ නොවැම්බර්, දෙසැම්බර් හා 2020 ජනවාරි මාසවල දිවයින පුරා විවිධ ප්‍රදේශයන්හී තාප්ප, කණු, බස් නැවතුම්, පාලම් කණු, බෝක්කු, නාන ලිං, දුම්රිය ස්ථාන, උමං මාර්ග ඇතුළු බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල චිත්‍ර ඇදීමේ රැල්ලක් ආරම්භ වී තිබුණා.
රට ලස්සන කිරීමේ රැල්ලක් ලෙස තරුණ තරුණියන් ඉතාමත් උද්යෝගයෙන් මෙම ස්ථාන සිතුවම් කරන ලද අතර ඊට මාධ්‍ය මඟින් හා සමාජ මාධ්‍ය තුළ පුළුල් ප්‍රචාරයක්ද ලබාදුන්නා.
පසුව එය යම් ආකාරයක දේශපාලන මුහුණුවරක් ගත් අතර මෙම තරුණ තරුණියන් අගයමින් ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.
පසුව මෙම චිත්‍ර අදින ස්ථානවල සිට ඇතැම් මාධ්‍ය ආයතනවල උදෑසන පත්තර කියැවීමේ වැඩසටහන්ද සජීවීව විකාශය කෙරුණා.
කෙසේ වෙතත් ඊට මාධ්‍ය මගින් ලැබෙන ප්‍රචාරය දිනෙන් දින අඩුවත්ම චිත්‍ර ඇදීමේ රැල්ලද වැල්ලේ සැඟව ගියා.
පසුව බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල චිත්‍ර බාගයට ඇද දමා තිබියදී අත්හැර දමා ඇති ආකාරය අදටත් දැකගත හැකියි.
ඒ අනුව රාගම ගුවන් පාලම, කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුම දෙපස, කඩවත උමං මාර්ගය ඇතුළු ස්ථාන රැසක එවැන් භාග චිත්‍ර දැකගත හැකි වනවා.
කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ එලෙස රැල්ලක් ආකාරයෙන් ඇදි චිත්‍ර වල්වැදී ඇති බවයි.
ඒ අනුව දිවයිනේ ස්ථාන කිහිපයක ඇදි තාප්ප චිත්‍ර වල්වැදී ඇති අතර ඒවා ශුද්ධ පවිත්‍ර කිරීමට හෝ රැල්ලට චිත්‍ර ඇදි තරුණ තරුණියන් කටයුතු නොකිරීම පිළිබදව සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා.
එක්තරා දේශපාලන පිබිදීමක ප්‍රතිපලයක් යැයි පෙන්වමින් රැල්ලට චිත්‍ර ඇන්දද එම දේශපාලන ප්‍රවාහයේ වර්තමාන තත්ත්වයේ පිළිඹිබුව අදාල චිත්‍රවලට දැන් අත්ව ඇති ඉරණම පෙන්නුම් කරන්නේද?


