24.5 C
Colombo
Tuesday, June 17, 2025

පැරිස් ඔලිම්පික් උළෙල අදින් අවසන්

- Advertisement -

පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් ඉසව්ව වන කාන්තා මැරතන් තරගය අවසන් වී පැය කිහිපයකට පසු සමාප්ති උත්සවය එරට වේලාවෙන් පස්වරු 3ට ප්‍රංශයේ ස්ටේඩ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

චීනය මේ වන විට ඔලිම්පික් රන් පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන අතර, ඊට රන් පදක්කම් 39 ක්, රිදී 27 ක් සහ ලෝකඩ 24 ඇතුළත්.

ඒ අනුව, චීනය දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 90 ක්.

දෙවන ස්ථානය හිමි කරගත් ඇමරිකාව රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 42ක් සහ ලෝකඩ පදක්කම් 42 ක් හිමිකරගෙන සමස්ත පදක්කම් 122 ක් දිනාගෙන තිබෙනවා.

පදක්කම් සටහනේ ඕස්ට්‍රේලියාව තුන්වන ස්ථානයට පත්ව ඇති අතර, ජපානය පසුවන්නේ හතරවන ස්ථානයේයි.

සත්කාරක ප්‍රංශය පස්වන ස්ථානයට පත්ව ඇති අතර, රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 24 ක් සහ ලෝකඩ පදක්කම් 22 සමගින් දිනාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 62 ක්.

ජූලි 26 වනදා 2024 ඔලිම්පික් උලෙළ ආරම්භ වූ අතර එය පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වුණා.

ක්‍රීඩා 32කට අදාළව තරග 329ක් පැවති අතර, ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වුණා.

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...