බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් අද (09) පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබුවා.
දෙවැනි එලිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළා.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවේ.
අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද විපක්ෂයේ ශෝකය පළ කරනු ලැබුවා.
මේ අතර, දෙවැනි එලිසබෙත් මහ රැජින ගේ අභාවය වෙනුවෙන් අද (09) සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස දැනුම්දී තිබෙනවා.
එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ බව දැනුම්දුන් බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ.