32 C
Colombo
Tuesday, February 18, 2025

ආපදාවෙන් පීඩාවට පත්ව ඇති පිරිස ඉහළට

- Advertisement -

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,300ක් වන බවයි.

එමෙන්ම ආපදාවට පත්ව ඇති පිරිස් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔහු පවසනවා.

ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා:

“ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ල වුණා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන්. පීඩාවට පත්ව ඇති පිරිස පුද්ගලයින් වශයෙන් 20,300ක් වාර්තා වෙනවා. පවුල් වශයෙන් ගත් කළ 6785ක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. පුද්ගල මරණ දෙකක් වාර්තා වෙනවා. එක පුද්ගල මරණයක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා අනෙක් මරණය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

ඒ වගේම ආරක්ෂිත ස්ථාන 22ක් වෙත පුද්ලයින් 1165 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා.  මේ වෙනකොට ඔවුන්ගේ සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ වැඩකටයුතු අඛණ්ඩව සිදුවෙනවා.” 

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES