31 C
Colombo
Friday, April 19, 2024

ඉල්ලන හැම බලයම ජනතාව දුන්නා; දැන් කියනවා කරන්න දන්නෙ නෑලු

- Advertisement -

මැදමුලන රාජපක්ෂ පරම්පරාවේ අසාර්ථකභාවය ඊයේ දින බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මුළු ලෝකෙටම පෙන්වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ, ඊයේ (13) දින අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමින්.

මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාව පුස්සක් බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

2019 වසරේදී වත්මන් රජය බලයට පැමිණිදා සිට කළ ‘දත්ත විජ්ජා’ හේතුවෙන් අයවැයෙන් ඉදිරිපත් කළ දත්ත කිසිසේත් විශ්වාස කළ නොහැකි බවත් ඉතිහාසය තුළ මෙතරම් ජනතාව මුලා කළ යුගයක් මතකයේ නොමැති බවත් හෙතෙම සඳහන් කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”ලංකාවට සෞභාග්‍ය ගේනවා කිව්වා. සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහා ප්‍රතිපත්තිගරුක ජනතා හිතවාදී වැඩපිළිවෙලක් හරහා රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු කරනවා කිව්වා. මහා බලාපොරොත්තු ගොන්නක් දුන්නා. කොටි පරද්දනවා වගේ දුප්පත්කම පරද්දනවා කිව්වා. වැඩකරන විරුවට වැඩේ කරන්න ලක්ෂ 69ක් ජන්දේ දුන්නා.

පිටරටවල් වලින් ටිකට් අරන් ජන්දේ දෙන්න සමහරු ලංකාවට ආවා. මොකද වුණේ? ජන්දෙන් දිනුවහම කිව්වා වැඩ කරන්න නම් තුනෙන් දෙකක් ඕනේ කිව්වා. අයියා අගමැති කරන්න ඕනේ කිව්වා. මල්ලි මුදල් ඇමති කරන්න ඕනේ කිව්වා. එතුමාගේ ඇමරිකන් පුරවැසිකම තියාගෙන මේ වැඩේ කරන්න 20 වෙනි සංශෝධනය ඕනේ කිව්වා. ඒ ඔක්කොම ලබාගන්න තනි සිංහල ආණ්ඩුව මුස්ලිම් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ට වරප්‍රසාද දීලා ඒක දිනාගත්තා.

දැන් ජනාධිපතිතුමා කියනවා අපි අසාර්ථක වුණා. අපිට වැරදුණා. අපිට බැරිවුණා. නොයෙකුත් නිදහසට කාරණා. ටික දවසකට කලින් කිව්වා මට මේවා තේරෙන්නේ නැහැ කියල. දැන් විපක්ෂයට බනිනවා උදව් කරන්නේ නැහැ කියල. ඔය ඉදිරිපත් කරන නිෂ්පාදන ආර්ථිකය කථානායකතුමනි වචන සෙට් එකක් විතරයි.”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රට පාලනය කරන්න බැහැ – වජිර

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික...

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...