සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
ඉන් තෙල් ප්‍රමාණයක් මෙරටට හිමි වනු ඇති බවත් මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත අවසන් තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
“මූලික වශයෙන් තියෙන ඉඩම්වල අවශ්‍යතාවය, ජල පහසුකම් ලබාගැනීම, මෙම ව්‍යාපෘතියට ලබා දිය යුතු බදු සහනයන් ලබාදීම පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීම. මෙතැනින් පිරිපහදු කරන තෙල්වලින් කොපමණ ප්‍රමාණයක් ලංකාවට ලබාදෙනවා ද කියන එක පිළිබඳවත් මාසයක් ඇතුළත ඒ සාකච්ඡාව අවසන් කරලා එකඟතාවන්ට ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක කරන්න එකඟතාවකට ආවා.
මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ තමයි පිරිපහදු කරන ඉන්ධන අපනයනය කරන එක. එහි යම් ප්‍රතිශතයක් ලංකාවේ වෙළඳපොළට නිකුත් කරන්නත් සාකච්ඡාවක් තියෙනවා. මාසයක් ඇතුළත මේකෙන් කොයි තරම් පංගුවක් ලංකාවේ වෙළඳපොළට ලබාදෙනවා ද කියන එකඟතාවට එනවා.කොයි රටට අපනයනය කරන්නේ කියන එක තීරණය කරන්නේ, සයිනෝපෙක් ආයතනය. මේ කරන්නේ භූමිය සහ යටිතල පහසුකම් ලබාදෙන එක. මේක හබ් එකක් විදිහට භාවිත කරනවා.”