ජනාධිපති මන්දිරයෙන් විදුලි ඉස්ත්‍රික්කයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු විසින් අත්අඩංගුවට ගත් අතර සැකකරු ඊයේ (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර කිරීමට නියෝග කර තිබෙනවා.
පසුගිය 09 වනදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් කඩාවැදුණු අවස්ථාවේදී සැකකරු මෙම විදුලි ඉස්ත්‍රික්කය සොරාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඒ අනුව, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, අරලියගහ මන්දිරයේ තිබු රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුද රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ සැකකරුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.