අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට පත්කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මධ්‍යම හා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 7 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (22 දා) නියෝග කළා.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළේ එම පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇත්නම් ඒවා ලබන 30 වැනිදා හෝ ඊට පෙර ගොනු කරනා ලෙසයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම්කරු විසින් එම පෙත්සමට අදාළව ගොනුකර ඇති ලේඛනවල මුල් පිටපත් තමන් වෙත ලැබුණේ පෙර දිනයේදී බැවින් ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙසයි.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනීසිටි අතර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙත්සම්කාර කීර්ති තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියා.