27.8 C
Colombo
Wednesday, June 25, 2025

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල් ගිහින්

- Advertisement -

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගත්තා.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගයට ගෙන තිබුණා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කිරීම සඳහා පදනම් වී ඇති විද්වත් කමිටු වාර්තාව සකස් කර ඇත්තේ ඊට සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව බවයි.

ශිෂ්‍යත්ව විභාගය අතිශය තීරණාත්මක විභාගයක් බවත් එම විභාගයේදී ලබාදෙන සෑම ලකුණක්ම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට ඇති එකම මාර්ගය මෙය පමණක් බව සඳහන් කර සිටියා.

එබැවින් මෙම විභාගයේදී යම් අසාධාරණයක් සිදුවුවොත් ඒ තුළින් මුළු ශිෂ්‍ය ප්‍රජාවටම අහිතකර බලපෑමක් එල්ල වන බවත් ඔහු සඳහන් කළේය.

උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බව හෙළිවීමත් සමඟ එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට බලධාරීන් තීරණය කළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ ප්‍රශ්න පත්‍රය සඳහා ද අලුතින් ප්‍රශ්න පත්‍රයක් ලබා දී විභාගය යළි පැවැත්විය යුතු බවත් අවධාරණය කර තිබෙනවා.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ අධිකරණය මගින් කළ දැනුම් දීමකට අනුව අදාළ විද්වත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කළ බවයි.

එම නිර්දේශයන්ට අනුව පිටවූ බව පැවසෙන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අග්නිදිග විශ්වවිද්‍යාලයේ 22කට පන්ති තහනමක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම් ජුනයිඩීන් පියවර ගෙන...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES