27 C
Colombo
Saturday, March 22, 2025

වැඩි කළ 1700 වැටුප ලබා දෙන්නැයි වතුකම්කරුවන් උද්ඝෝෂණයක

- Advertisement -

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 දෛනික වැටුප කඩිනමින් ලබා දීමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

අද (09)  උදැසන එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක් රැස් වී ඔවුන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා.

තේ වතුයායේ දෛනික වැඩ කටයුතු වලට වාර්තා කිරීමට පෙර උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ රජයේ නිලධාරීන්ට සහ සේවකයන්ට රජය මඟින් වැටුප් වැඩි කළත් තමන්ට ලබාදුන් රු 1700 දෛනික වැටුප ලබාදීමට වතු සමාගම් විරෝධය පළ කරන බවයි.

වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම් නියෝගය ‍ඉවත් කිරීමට රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කර එම වැටුප ලබාදීමට කටයුතු කළ යුතු බව උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් පවසනවා.

(හැටන්- රංජිත් රාජපක්ෂ)

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...