31.1 C
Colombo
Tuesday, June 24, 2025

වසර 159ක් පැරණි වාර්තාව කැඩූ ක්‍රීඩකයා

- Advertisement -

පළමු පෙළ ක්‍රිකට් තරගයකදී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් දවාගත් ළාබාලම බ්‍රිතාන්‍ය පන්දු යවන්නා ලෙසින් වසර 159ක් පැරණි සුවිශේෂී වාර්තාවක් අලුත් කිරීමට යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක ෆර්හාන් අහමඩ් සමත් වුණා.

ඔහු මෙම වාර්තාව අලුත් කරනු ලැබුවේ සිය දෙවැනි පළමුපෙළ ක්‍රිකට් තරගයේදී වීමද විශේෂත්වයක්.

එංගලන්තයේ පැවැත්වෙන ප්‍රධානම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන County Championship තරගාවලියේ පළමු කොටසේ 53වැනි තරගය ලෙසින් ඊයේ (01) අවසන් වුණා.

මෙහදී Surrey කණ්ඩායමට එරෙහි තරගයේදී අහමඩ් විසින් මෙම කඩයිම සම්පූර්ණ කිරිමට සමත්ව තිබුණා.

Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන අහමඩ් මෙම තරගයේදී ලකුණු 217කට කඩුලු 10ක් (7/140, 3/77) දවාගෙන තිබෙනවා.

අහමඩ් මෙම කඩයිම පසුකරන විට ඔහුට වයස අවුරුදු 16 දින 192ක්.

ඔහුට පෙර බ්‍රිතාන්‍ය පළමු පෙළ තරගයකදී කඩුලු 10ක් හෝ වැඩි ගණනක් දවාගත් ළාබාලම පන්දු යවන්නා බවට පත්ව සිටියේ ඩබ්. ජී. ග්‍රේස්ය.

ඔහු මීට වසර 159කට පෙර එනම් 1865 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති තරගයකදී ලකුණු 84කට කඩුලු 13ක් දවාගැනීමට සමත් වූ අතර, එම කඩයිම සම්පූර්ණ කරන විට ඔහුට අවුරුදු 16යි දින 340ක් ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...

POPULAR ARTICLES

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

ට්‍රම්ප් අසතුටින් – නෙතන්යාහුට දුරකථනයෙන් අමතයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම රටවල් දෙක පිළිබඳවත්  තමා අසතුටු බවත් අමෙරිකානු...