25 C
Colombo
Monday, October 14, 2024

පොලීසියෙන් සැකකාරියක් සොයයි

- Advertisement -

රුපියල් මිලියන 150 ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස්කර දේපොළ අත්පත් කරගැනීමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කරන සැකකාරියකගේ ඡායාරූපයක් පොලීසිය විසින් මුදා හැර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම්දෙන්නේ, අදාළ කාන්තාව විසින් වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවේ අත්සන් යොදා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඇයට එරෙහිව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශන සිදුකරනවා.

සැකාරියගේ ඡායාරූපය පහතින් දැක්වෙන අතර ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පහත සඳහන් අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

වාණිජ අපරාධ විමර්ෂණ අංශය – 011 243 4504
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය – 011 242 2176

RECENT ARTICLES - SINHALA

කපු කතට පහරදී දේවාලය කොල්ලකාලා

දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන කාන්තාවකගේ කට සහ ගෙල ප්‍රදේශය කපා තුවාල කර තිබෙනවා. කටුගස්තොට පොලීසිය පවසන්නේ...

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්දය අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද(14) ආරම්භ වනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේ තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද...

සමහර තීන්දු තීරණ ක්‍රියාවට නගන්න ප‍්‍රබල දේශපාලන බලයක් ඕන

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව තිබෙන බව...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...