කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (23) රථවාහන හදිසි සෝදිසියකට ලක් කර තිබුණා.
එහිදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා.
පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
එම රථය හඹාගොස් මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.
පොලීසිය සඳහන් කළේ, රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගත් බවයි.
සිද්ධිය ගැන ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.