30.6 C
Colombo
Thursday, April 25, 2024

වෙඩි තැබීම ගැන අධිකරණයට දීපු බී වාර්තාව පොලීසිය ටිපෙක්ස් කරලා

- Advertisement -

කෑගල්ල ප්‍රදේශයේ 2022.04.19. දින සිදු වූ උද්ඝෝෂණයක් අතරතුරදී තරුණයෙකු මියයාම, පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඊයේ දින (20) බී වාර්තා දෙකක් මගින් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත කරුණු වාර්තා කළා.

ඉන් එක් බී වාර්තාවක් මගින් දේපල හානි කිරීමට අදාලව සැකපිට වයස අවුරුදු දහ අටක පාසල් ශිෂ්‍යයෙක් ඉදිරිපත් කර පොදු දේපල පනත ඇතුලුව චෝදනා කීපයක් යටතේ කරුණු වාර්තා කර තිබුණා.

ඔහු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ඉදිරිපත් වෙමින් එම තරුණයාට ඇප ලබාගැනීමට කටයුතු කළා.

අදාල ගැටුම සම්බන්ධව සියලු ස්ථාන පරීක්ෂණ මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකළ අතර මීට පොලිස් නිළධාරින් හා සීයයකට අධික නීතීඥවරුන් සහභාගි වුණා.

ස්ථාන පරීක්ෂණය රාත්‍රී හත පමණ වන තෙක් පැවැත්වූ අතර සිද්ධි මාලාවේ විවිධ අවස්ථා ඇසින් දුටුවන් කිහිප දෙනෙක් ස්ථාන පරීක්ෂණයේදී මහේස්ත්‍රාත්වරිය වෙත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දී තිබුණා.

මෙහිදී අදාළ ගැටුම සිදු වූ ස්ථානයන්හි සීසීටීවී කැමරාවන්ට අලාභහානි සිදුවී තිබූ බව මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට ලක්ව තිබුණා.

ස්ථාන පරීක්ෂණය සදහා ඉල්ලීමක් කරමින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වූ වරදක් කරන ලදැයි වූ චෝදනාව ( නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද- උපරිම දණ්ඩනය වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවමකි) මහේස්ත්‍රාත්වරිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටිමින් සිටින අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා ඇති ආකාරය අධිකරණයේදී නිරීක්ෂණයට භාජනයට භාජනය වී තිබුණා.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පොලිසියේ එම ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල වුණා.

අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයෙන් සමාව අයැද සිටින ලද අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට පොරොන්දු වුණා.

එසේම මෙහිදී නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ මුලින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරිමට අවශ්‍ය නම් එය කල හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය බවත්‍ ය.

එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිළධාරීන් මෙතරම් බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නේදැයි යන්න තමන්ට සැක සහිත බව ප්‍රකාශ කරමින් දැනට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරීක්ෂණ ඉවත් කොට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂණ සිදුකිරීමට නියෝග කරන ලෙස නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක් තම ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය වන ලද වීඩියෝ පට වල සංස්කරණය නොකරන ලද දර්ශන එම ආයතනය භාරයේ සුරක්ෂිතව තබා ගැනීමට නියෝගයක් හා එකී වීඩියෝ පට එම ජනමාධ්‍ය ආයතනය වෙත ඉදිරිපත් කරන ලද පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ නියෝගයක්ද නීතිඥවරු ඉල්ලා සිටියා.

තවද නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනටමත් අදාල සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කර ඇති බව පිලිගෙන ඇති නිසා වෙඩි තැබීමේ නියෝගය නිකුත් කල පොලිස් නිළධාරියා හා වෙඩි තැබීම කල පොලිස් නිළධාරින් මරණකරු සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස ඇතුලත් කරන ලෙසයි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, උපුල් ජයසූරිය, උපාලි මොහොට්ටි හා ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරාල මහත්වරුන් සමග තවත් නීතිඥවරුන් සීයයකට ආසන්න සංඛ්‍යාවක් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව පෙනී අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

ප්‍රදේශයේ පොලිස් ඇදිරි නීතිය පනවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණු අතර අධිකරණ කරයුතු රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවැත්වුණා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වූ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අද (21) දින කෑගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගැනීමට නියමිත අතර මෙකී සිද්ධිය සම්බන්ධව දන්නා යම් පුද්ගලයෙකු වේ නම් අද දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී නීතිඥවරුන් මාර්ගයෙන් කරුණු දක්වා සාක්ෂි ලබාදීමේ අවස්ථාව ලබා කර ගත හැක.

අද දිනයේදී වැඩිදුර මරණ පරීක්ෂණ සාක්ෂි සටහන් කරගැනීම හා පෙර දිනයේ ඉල්ලීම් වලට අදාල නියෝග නිකුත් කිරීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...