ගාලු මුවදොර අරගල භූමිය වෙත අද (12) දිනයේ යළිත් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ භට කණ්ඩායමක් පැමිණ තිබෙනවා.
එම ස්ථානයට පැමිණි ඔවුන් ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටි පුද්ගලයින් සහ ඉවත් නොකරන ලද කූඩාරම් ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව එහි සිටින News19 වාර්තාකරු සදහන් කළා.
මෙම කූඩාරම් ඉවත්කිරීමට අදාළ දැන්වීමක්ද පොලීසිය විසින් එම භූමියේ ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කර තිබෙනවා.
එම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන්ද එක්ව සිටිනවා.
ඊට අදාළ දර්ශන පහතින්,