31 C
Colombo
Wednesday, February 12, 2025

හිනිදුම ඝාතකයින් සොයන්න පොලිස් විශේෂ කාර්ය බලකායත්

- Advertisement -

ගාල්ල – හිනිදුම ප්‍රදේශයේ නවාතැන්පොළක හිමිකරු ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමත් සමග එම ප්‍රදේශයේ ආශ්‍රිතව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසන්නේ, දුරකතන දත්ත විශ්ලේෂණය කිරීම මෙන්ම ආරක්ෂිත කැමරාවල තොරතුරු ඔස්සේ වෙඩික්කරුවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

පෙරේදා රාත්‍රියේ එල්ල වූ මෙම වෙඩි ප්‍රහාර වලින් මියගිය එක් අයෙකු අම්බලන්ගොඩ – බටපොල ප්‍රදේශයේ පදිංචි නෙවිල් නැමැත්තකු වනවා.

ඔහු රැකියාවක් සදහා ඊශ්‍රායලයට යාමට නියමිතව සිට ඇති අයෙකු වන අතර ඒ සදහා ඔහු මුදල් ගණුදෙනුවක් සිදු කර තිබුණේ ප්‍රහාරයෙන් මිය ගිය හිනිදුම නවාතැන්පොළේ හිමිකරු සමගයි.

එහිදි ඔහු රුපියල් ලක්ෂ 12ක මුදලක් විදෙස් ගතවීම සදහා නවාතැන්පොළේ හිමිකරු වෙත ලබාදී තිබුණා.

කෙසේ වෙතත්, ඉන් ලක්ෂ 02ක මුදලක් පමණක් නවාතැන්පොළේ හිමිකරු විසින් නෙවිල් නැමැත්තාට ආපසු ලබාදී තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෙදෙනා මීට සතියකට පමණ පෙරද මෙම මුදල් ගැටලුව මුල් කරගෙන ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

අනතුරුව නවාතැන්පොළෙහි හිමිකරු විසින් නෙවිල් නැමැත්තාට ප්‍රකාශ කර ඇත්තේ මෙම මුදල් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමාගේ ලැගුම්හල වෙත පැමිණෙන ලෙසයි.

ඒ අනුව පෙරේදා රාත්‍රියේ එහි පැමිණ ඔවුන් මෙම මත්පැන් සාදය පවත්වා තිබුණා.

එහිදී එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියක් යෙදාගෙන එහි සිටි පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදු කර තිබුණා.

කෙසේවෙතත්, මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂක කණ්ඩායම් 3 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES