28.4 C
Colombo
Sunday, May 18, 2025

අරුන්දිකගෙන් පොලීසිය ප්‍රකාශයක් අරන්

- Advertisement -

රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (09) පැය 5කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සමබන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් හෙළිදරවූ තොරතුරු මත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව කියන වයික්කාලේ පදිංචි රොසාන් සේනානායක සහ කොච්චිකඩේ පදිංචි මොහොමඩ් අලි නමැත්තන් මේ  වන විට  මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් ලක්ෂ 10 බැගින්වූ පුද්ගල ඇප මත මුදාහැර තිබෙනවා.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ වංචා කළ මුදලින් ලක්ෂ 15 ක් සම්බන්ධීකරණ නිලධාරියා සහ තැරැව්කරු විසින් රුපියල් 50000 ක් පැමිණිලිකාරියට ගෙවීමෙන් අනතුරුව බවයි වාර්තා වෙන්නේ.

පැමිණිලිකාරිය විමර්ශනයේදී ලබාදී ඇති තොරතුරු අනුව මොහොමඩ් නමැත්තා විසින් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යා හැකි බව පවසා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් හඳුන්වාදීම සිදු කර තිබෙනවා.

ඉන්පසු පැමිණිලිකාරිය විසින් සම්බන්ධිකරණ ලේකම්වරයා ලබාදුන් ඔහුගේ සහ අමාත්‍යවරයාගේ නමින් ඇති බැංකු ගිණුම් දෙකකට මෙම වසරේ ජනවාරි මස 05දා සහ 22දා රුපියල් ලක්ෂ දොළහක් සහ හාරලක්ෂ අනූපන්දහසක මුදලක් තැන්පත් කර ඇති අතර, අතර මැදියා අතට ලක්ෂ දොළහක මුදලක් ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

අමාත්‍යවරයා විදේශ ගතවන දිනයේදී ඔහු සමග ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටු පොළට ඇතුළු වන ලෙස මෙම කාන්තාවට උපදෙස් ලබාදී ඇති අතර නියමිත දිනයේදී මෙම කාන්තාව ඥාතීන් සමග ගුවන්තොටුපොළට පැමිණ සිටියදී තමාගේ පිටුපසින් පැමිණෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවද සඳහන්.

කෙසේවෙතත්, ලේඛනවල ගැටලුවක් හේතුවෙන් මෙම කාන්තාවට ගුවන්යානය වෙත ගමන්කිරීමට ආගමන විගමන නිලධාරීන් විසින් අවසර ලබාදී නොමැති බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

පොරොන්දු වූ පරිදි ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලබා නොදුන් නිසා තමාගෙන් ලබාගත් මුදල් ආපසු ගෙවන ලෙස සැකකරුවන් ගෙන් සිදු කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වින්දිත කාන්තාව විසින් මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදු කර තිබුණා.

සම්බන්ධීකරණ නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තම ගිණුමට තැන්පත් කළ ලක්ෂ 15ක මුදල තමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බව ඔහු ප්‍රකාශ කර ඇති බවද පොලීසිය සඳහන් කරනවා.

මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ තමා ඉදිරියේදී  ස්වාධීනව කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසත්, අත්දෙක එකතු කර තමා එම ඉල්ලීම සිදු කරන ලෙසත් ඔහු එහිදී සඳහන් කළා.

අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියේ, ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ වන විට ගොඩනැඟී ඇති අශුද්ධ සංවිධානය විරුද්ධව එයපරාජයට පත් කළ හැකි ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කරන බවයි.

කෙසේවෙතත්, ඊට පසුදින ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන මැති ඇමතිවරුන් විසින් පිහිටුවා ගනු ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළි දැක්වීමේ උත්සවයට සම්බන්ධ වී ඇති බවද දක්නට ලැබුණා.


RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

POPULAR ARTICLES

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...