29 C
Colombo
Wednesday, July 17, 2024

තැපැල් ස්ථානාධිපතිට වටකරගෙන ගහ​ලා

- Advertisement -

පානදුර තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයින් පස්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසනවා.

තැපැල් ස්ථානාධිපතිවරයා සහ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් කරන ලද පැමිණිලි මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය පවසන්නේ, පසුගියදා පැවැත්වූ වැඩවර්ජනයේදී සේවකයින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් එම පහරදීම සිදුකර ඇති බවයි.

කෙසේවෙත​ත් සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඔවුන් සමථ මණ්ඩලය වෙත යොමුකළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම...

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා...

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...