27.8 C
Colombo
Friday, April 26, 2024

ජනාධිපති පාර්ලිමේන්තුව වාරාවසාන කළේ කෝප් කමිටුව නටවන්න

- Advertisement -

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද්දේ කෝප් සහ කෝපා කාරක සභා සඳහා දේශපාලන අන්තේවාසිකයන් පත් කරගැනීමට යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඒ, අද (14) දින පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින්.

මෙතෙක් කෝප් සහ කෝපා කාරක සභාවල සභාපතිත්වයේ කටයුතු කළ මහාචාර්ය චරිත හේරත් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරුන් වත්මන් ආණ්ඩුව යටතේ කෙරෙන දූෂණ වංචා පිළිබඳව ද අවධානය යොමුකර තිබීමේ පසුබිම නොරිස්සූ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ සමාගම මෙලෙස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණය කර තිබෙන බව පොදු මහජන මතය බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා පවසන්නේ පාර්ලිමේන්තුව හිටිහැටියේ වාරාවසාන කර මේ නටන්නට හදන නාඩගම කුමක්දැයි පොඩි ළමයෙකුට වුනත් තේරෙන බවයි. එමෙන්ම, ඉදිරියේ දී යළි පාර්ලිමේන්තුව රැස් වූ විට කෝප් සහ කෝපා කාරක සභාවල සභාපති තනතුරු සඳහා රාජපක්ෂ පවුලේ සට්ටැඹියන් පත් කරගත්තොත් පුදුම වන්නේ නැතැයි ද ඒ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...