27.4 C
Colombo
Wednesday, June 7, 2023

මගෙන් ආයතන ගැලවීම ගැන ජනාධිපතිවරයා කෝල් කරලා හේතු කිව්වා – සරත් වීරසේකර

- Advertisement -

තමන් යටතේ පවතින ආයතන දෙකක් ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාට දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමාට ජනාධිපතිවරයාගෙන් ඇමතුමක් ලැබුණු බවත් ජනාධිපතිවරයා විසින් මෙම ආයතන පවරා ගනු ලැබුවේ දැනට ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පූර්ණ සහයෝගය ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇති බැවින් යැයි තමාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එබැවින් සිය විෂය පථය යටතේ පවතින ආයතන ඉවත් කිරීම පිළිබඳ තමාට ගැටලුවක් නැතැයි ඇමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ යටතේ පවතින්නේ ආයතන දෙකක් පමණි.

ඒ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් ආයතනය යන ආයතන වේ.

මීට දින කිහිපයකට පෙර අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ යටතේ පැවති ආයතන දෙකක් නැවත ආරක්ෂක අමාත්‍යාංශය යටතට ලබා දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබුණා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ගැසට් පත්‍රයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැණුනා.

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...