33 C
Colombo
Friday, March 29, 2024

මගේ කැබිනට් පත්‍රිකාවට ජනාධිපති ඉඩ දුන්නේ නැහැ – බන්දුල

- Advertisement -

රජය විසින් භාණ්ඩ මිල පාලනයට මැදිහත්වීම සම්බන්ධයෙන් එක ප්‍රතිපත්තියක් රජයට නොතිබූ බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (04) දින පෙරවරුවේ රූපවාහිනී සංවාදාත්මක වැඩසටහනකට සහභාගී වෙමින්.

මෙට්‍රික් ටොන් ලක්ෂ 01ක සහල් ආනයනය කරන බවත් ඒ සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය අරඹා ඇති බවත් මීට මාස 2කට පමණ ප්‍රථමව පැවසුවේ වෙළෙඳුන් බිය කිරීමටදැයි එහිදී මාධ්‍යවේදියා කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමා ඒ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ නමුත් ජනාධිපතිවරයා ඊට ඉඩ නොදුන් බවයි.

එමෙන්ම ආනයන කරුවන්ට ආනයන බලපත්‍ර ලබාදී ඇති බැවින් හල් වෙළඳපොළෙන් ආනයනය කර විශාල ලාභ නොමැතිව රුපියල් සියයකට අඩු මුදලකට සහල් ලබා දිය හැකි බවත් පිටකොටුවේ සියයට අඩුවෙන් විහිණීමට හැකිනම් පමණක් සහල් ආනයනය කළ ‍යුතු බවත් ඔහු පවසනවා.

යම් හෙයකින්, ඔවුන් වැඩිමිලට ආනයනය කළහොත් නැවත ආනයනය සඳහා බලපත්‍ර ලබා නොදෙන බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

එමෙන්ම පාලන මිල ඉවත් කළ පසු සීනි මිල විශාල ලෙස ඉහළ යාමේ තත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා විකල්ප කිහිපයක් ඇති බවත් රුපියල් 122ක මිලට සුදු සීනි කිලෝ 2ක් සහ රුපියල් 125ක මිලට රතු සීනි කිලෝ තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක පාරිභෝගිකයෙකුට ස.තො.ස. හරහා ලබා දීමට කටයුතු කරන බවද ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...