27 C
Colombo
Saturday, June 10, 2023

පොල් වගාවට පොටෑසියම් ආනයනයට ජනපති අවසර දුන්නා

- Advertisement -

පොල් වගාවට අවශ්‍ය පොටෑසියම් නොමැතිවීම හේතුවෙන් පොල් වගාකරුවන් දැවැන්ත දුෂ්කරතාවයකට පත්ව ඇති බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

එබැවින් පොල් වගාව සඳහා අත්‍යවශ්‍යම පොහොර වර්ගයක් වන පොටෑසියම් ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතියද හිමිව ඇති බවත් ඇමතිවරයා පවසනවා.

එබැවින්, මතුව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව සලකා බලා ‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ ආකාරයට පොටෑසියම් ආනයනය සඳහා අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, පොල් වගාවට අවශ්‍ය වෙනත් කිසිදු රසායනික පොහොර වර්ගයක් ආනයනය නොකරන අතර යූරියා පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් පොල් ගසේ අමතර කොටස්, ගොම පොහොර, කුකුල් පොහොර සහ ගිනිසීරියා ශාඛ කොටස් යොදා ගැනීමට සැළසුම් කර ඇති බවද ඇමතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.