27.8 C
Colombo
Thursday, April 25, 2024

ජනාධිපතිට දේශපාලන අත්දැකීම් අඩුයි තමයි – ඇමති බන්දුල

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන අත්දැකීම් අඩුබව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (11) දින රූපවාහිනී සංවාදයකට සහභාගී වෙමින්.

ජනපතිවරයා පසුගිය වසර 2ක කාලය තුල ගත් තීරන සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් සිදු නොවූ බවත් යම් යම් හේතූන් මත ඔහු තනි තීරන ගත් බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ඒ අතරින් ඇතැම් තීරණ ඔහු බලාපොරොත්තු වූ පරිදි ඉටු නොවූ බවයි.

ඒවා යහපත් සතින් ගත් තීරන වන නමුත් ඔහුගේ අත්දැකීම් මදකම ඒවායේ අසාර්ථකභාවයට බලපෑ බව ඔහු පෙන්වා දෙනවා.

සහල් ආනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට ජනපති ගත් තීරණය එවැනි අත්දැකීම් මදකම මත ගත් තීරනයක් බවයි ඔහු පවසන්නේ.

තමා ධූරය භාරගැනීමෙන් වසර 2කට පසුව තමන්ට අත්දැකීම් නොමැති බව පැවසීමෙන් ජනපති කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය බිද නොවැටෙන බවත් එමගින් පෙන්නුම් කෙරෙන්නේ ඔහුගේ අවංක බව බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කෙසේ නමුත් ජනාධිපතිවරයා දූෂිත නොවූවෙක් බවත් ඔහුට පුද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති එකම රාජ්‍යනායකයා බවත් අමාත්‍යවරයා පවසනවා.

නමුත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද රාජ්‍ය නායකයෙකු බව අමාත්‍යවරයාට අමතක වූ බවයි හැඟී යන්නේ.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...