කොවිඩ් රෝගීන් නිවසේ තබාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමය කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රමවේදයක් නොමැති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
කොවිඩ් රෝගීන් පිළිබදව නිසි සංඛ්‍යලේඛණ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති නම් එම සංඛ්‍යලේඛණ තමන්ට ලබාදිය හැකි බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.
මේ වන විට රෝහල්වල ඔක්සිජන් නොමැති බවත්, තිබෙන ඔක්සිජන් ප්‍රමාණයත් කළුකඩ මිලට අලෙවි වන බවයි මුරුත්තෙට්ටුවේ හිමියන් පෙන්වා දෙන්නේ.
මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත යුත්තේ පවත්නා වසංගත රෝග තත්ත්වයට අදාළ අණ පනත් මිසක වෙනයම් අණ පනත් නොවන බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ආණ්ඩුව මේ අයුරින් කටයුතු කළහොත් ඔටුන්න හිමි කුමාරයෙක් තෝරාගැනීමට තමන්ට සිදුවන බව මුරුත්තෙට්ටුවේ හිමියන් පවසනවා.