28.9 C
Colombo
Thursday, July 10, 2025

ජනාධිපති ගොඩ කාලෙකින් ජාතිය ඇමතුවේ නැහැ – නාලක ගොඩහේවා

- Advertisement -

මේ ආණ්ඩුවටත් රටේ ප්‍රශ්න විසඳීමට පුළුවන් වගක් නොපෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් පිරිසක් සමඟ පසුගියදා පැවති රැස්වීමකදී ගොඩහේවා මහතා මෙම අදහස් පලකළා.

රටේ ආර්ථික ගැටළුව විසඳීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි බොහෝ දෙනකු කළ ඉල්ලීම පටලවා ගැනීම වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කරනවා.

රටේ ප්‍රශ්න ගැන අගමැතිවරයා, ඇමැතිවරුන් කිසිවකුත් කතා නොකරන බව පැවසූ ගොඩහේවා මහතා ජනාධිපතිවරයාද බොහෝ කාලෙකින් ජාතිය අමතා නැතැයි මෙහිදී ප්‍රකාශ කළා.

මේ ආකාරයට ජනතා ප්‍රශ්න අමතක කරමින් කටයුතු කළහොත් ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න යැයි පවසමින් නැවතත් ළඟදීම පාරට බසිනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් අද පවතින ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් තබා අවම වශයෙන් ආණ්ඩු පක්ෂයවත් නිසියාකාරව නියෝජනය වෙනවා දැයි කියන ප්‍රශ්නය පවතින බවත් එකම ආසනයක් නොමැති පක්ෂයක අයකුට අගමැතිකමදීම නිසා ඔහුට විරුද්ධව ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් මතු වීමට පටන් ගෙන ඇති බවත් ගොඩහේවා මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ ස්ථිර බලයක් නොමැති මේ ආණ්ඩුව රට වෙනුවෙන් වැදගත් අසීරු තීරණ ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බව පැවසූ නාලක ගොඩහේවා මහතා රටක් පාලනය කරනවා කියන්නේ කොහෙන් හෝ ණයක් ලබාගෙන එදාවේල කළමනාකරණය කරන එක නොවන බවද වැඩිදුරටත් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

POPULAR ARTICLES

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...