29 C
Colombo
Thursday, July 17, 2025

රටට යුතුකම මතක් කරන ජනපති

- Advertisement -

රට තුළ 2022 ජූලි මාසයේදී නීතිය හා සාමය ස්ථාපිත කිරීම හේතුවෙන් තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, නීතිය හා සාමය තහවුරු කරමින් රට තුළ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද වගකීමක් බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

“රටේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පවත්වනවා. ඔබේ යුතුකම, පොලීසියේ යුතුකම නීතිය සාමය ආරක්ෂා කරලා, නීතිය යටතේ ඡන්දය ගෙනියන්න. ජනාධිපති හැටියට ඒක මගේ යුතුකමක්. ඒක මැතිවරණ කොමිසමේ යුතුකමක්. ඒක පොලීසියේ යුතුකමක්. ඒ වැඩකටයුතු සියල්ලම ක්‍රියාත්මක කරන්න කියලා කියලා මම කියන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි මැතිවරණයෙන් පසුව ඇති වෙන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සියල්ල ම නවත්වන්න ඕනේ. මේ සැරේ ප්‍රචණ්ඩක්‍රියා ඇති වෙන්න බෑ. ඒ ගැන අපි ක්‍රියාකරන්න ඕනේ. ඇය අපි මේ මැතිවරණය තියන්නේ. අපිට නීතිය, සාමය, ව්‍යවස්ථාව තියෙන නිසා. ඒ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරනවා නම් අපි ආණ්ඩු ඇති කරන්නේ, ආණ්ඩු වෙනස් කරන්නේ ව්‍යවස්ථාව අනුව. 1931 ඉඳලා සර්ව ජන ඡන්දය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ආණ්ඩුවක් ගෙනියලා තියෙන්නේ ශ්‍රී ලංකා විතරයි. වෙන එක රටක නම් කරන්න මෙහෙම තියෙන. ඒ නිසා අපිට තියෙන්නේ සර්ව ඡන්දය ආරක්ෂා කරන්න. කිසිවිටෙක ඒක කැඩෙන්න ඉඩදෙන්න එපා.

RECENT ARTICLES - SINHALA

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

ටීචර් අම්මාගේ නඩුවට මොකද වුණේ ?

ටීචර් අම්මා ලෙස හැඳින්වෙන ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු මහත්මියගෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නම් තරුණයා එම පන්ති ආයතනයේ...

POPULAR ARTICLES

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

Breaking : ෂාරුක් ඛාන්ගේ ලංකාගමනය කැන්සල්

එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයටඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් නොපැමිණෙන බව City of...