24 C
Colombo
Monday, December 11, 2023

ජනාධිපති ගෙදර නෙවෙයි හිරේ යන්න ඕනෙ..! – ශිහාන් මිහිරංග

- Advertisement -

වත්මන් ජාතික අර්බුදයට විසඳුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිරගෙට යැවීම මිස ගෙදර යැවීම නොවන බව ශ්‍රී ලාංකික ගායන ශිල්පී ශිහාන් මිහිරංග අද (04) පවසා සිටියා.

ඒ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පාලනයට එරෙහිව කොළඹදී පැවැත්වෙන මහජන විරෝධතාවයකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ රාජපක්ෂ පවුලේ අයටද රට හැර යාමට ඉඩ නොදිය යුතු බවයි.

රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ සමීපතමයන් ‍රටේ ජනතාවගෙන් ලබාගත් සෑම ශතයක්ම ආපසු ගෙවන තෙක් රට තුළ සිටිය යුතු බව‍යි ඔහු අවධාරණය කරන්නේ.

රාජපක්ෂවරුන් සෑම විටම රටින් පලා ගිය බවත් මීට පෙර එවැනි අර්බුදවලින් නිදහස් වී ඇති බවත් පැවසූ ශිහාන් මිහිරංග ඔවුන්ට වත්මන් අර්බුදයෙන් ගැලවීමට ඉඩ නොදිය යුතු බවත් පවසනවා.

මෙම සාමකාමී විරෝධතා රාජපක්ෂලාට එම තත්ත්වයෙන් ගැලවිය නොහැකි මට්ටමකට ගෙන යාමට මහජනතාව කටයුතු කළ යුතු බවත් ඔහු පවසනවා.

“ඔවුන් මේ රටේ තියාගන්න එක අපේ ජයග්‍රහණයක්, එහෙම නොවුණොත් අපි මේ අරගලයෙන් අසාර්ථකයි,” ශිහාන් මිහිරංග පෙන්වා දෙනවා.

ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ විරෝධතා දිගටම කරගෙන යන ලෙසත්, හැකි නම් විසඳුමක් ලැබෙන තුරු රාජපක්ෂවරුන් පස් දෙනෙකුවත් රටේ තබා ගන්නා ලෙසත් ය.

RECENT ARTICLES - SINHALA

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...