ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය අද (15) ආරම්භ වනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා අද ඉන්දියාව බලා පිටත්ව යන අතර එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.
ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහාතාගේ පළමු විදෙස් සංචාරය ද මෙය වනවා.
ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන්නේ.
ඒ අනුව මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ජනාධිපතිවරයා ඉන්දීය රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.
ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වැඩසටහනකට ද නව දිල්ලි නුවරදී එක්වීමට නියමිත අතර බුද්ධ ගයාවේද සංචාරය කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අගමැති මෝදිගේ දැක්මට අනුව ඉන්දීය සාගර කලාපයේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයක් හිමිවන බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා සමඟ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සංචාරයට එක්වෙනවා.