27 C
Colombo
Wednesday, March 19, 2025

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය  සමුළුවට ඇමතීමට නියමිතව තිබෙනවා.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් පැවති බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කර තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් මහතාව ද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

POPULAR ARTICLES