24 C
Colombo
Sunday, February 16, 2025

ජනපතිගේ චීන නිල සංචාරයේ අවසන් දිනය අද

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අද වනවා.

අද (17) දිනයේදී චීනයේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් නැරඹීමට සහ දිළිදුකම තුරන් කිරීම සඳහා ආදර්ශයක් වන චීන ගම්මානයක් නැරඹීමට ජනාධිපතිවරයා එක්වනු ලබනවා.

එසේම, සිචුවාන් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා සමග විශේෂ සාකච්ඡාවකටද ජනාධිපතිවරයා අද එක්වනවා.

මේ අතර, මෙම සංචාරයට සමගාමීව අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළ ගිවිසුමකට ඊයේ චීනයේදී අත්සන් තැබුණා.

ඒ මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ විනයේ සයිනොපෙක් සමාගම අතර වනවා.

එමෙන්ම ජනාධිපතිවරයා ඊයේ චීන අග්‍රාමාත්‍යවරයා සමගද විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

එහිදී චීන අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට චීනයේ සහය ලබා දෙන බවයි.

එමෙන්ම, ජනාධිපතිවරයා ඊයේ බීජිං අගනුවර පිහිටි ටියෙන් අන් මන් චතුරශ්‍රයේ පිහිටි චීන මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES