31.1 C
Colombo
Tuesday, July 8, 2025

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පත්කෙරේ

- Advertisement -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර තිබෙනවා.

ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිඛිතව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ව්‍යවස්ථාදායක සභාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නියෝජිතයා ලෙස පත් කර තිබුණේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වන අතර, හිටපු ජනාධිපතිවරයාගේ ධුරය අහෝසි වීමත් සමග නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ව්‍යවස්ථා සභා නියෝජිත ධුරය ද අහෝසි වුණා.

ඒ අනුව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද ඊළඟ පාර්ලිමේන්තුව රැස්වන තෙක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුයි.

RECENT ARTICLES - SINHALA

“මේක අලුත් බද්දක් නෙමෙයි” – ඇමති අනිල් ජයන්ත

ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක්  සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.   අද(08) මාධ්‍ය වෙත අදහස්...

දහම්පාසල් ගුරුවරුන්ට හොද කලක්

2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට...

ජනක චන්ද්‍රගුප්තට ඇප

රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෞඛ්‍ය...

POPULAR ARTICLES