ලෝක වෙලෙදපලේ මිළට සාපේක්ෂව මෙරට ඩීසල් හා පෙට්‍රල් ලීටරය රුපියල් 70 බැගින් මිළ අඩු කළ හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පෙන්වා දෙනවා.
එහි කැදවුම්කරු ආනන්ද පාලිත කොළඹ දී ඊයේ (16) පැවති මාධ්‍ය හවමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.
ලෝක වෙළඳපොලේ මිල අඩු වන විට එම සහනය ජනතාවට දෙන බව රජය පවසා ඇති බැවින් ඊයේ දින රුපියල් 70කින් මිල සංශෝධනය විය යුතුව තිබූ බව ඔහු පෙන්වා දෙනවා.
සුපර් ඩීසල්, සහ ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග මත අසීමිත බද්ද ඉවත් කිරීමෙන් රුපියල් 70කටත් වැඩි මුදලකින් මිල අඩු කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ අතර, භූමිතෙල් ලීටරය රුපියල් 200 කට වැඩි මිළකින් ඉහල දැමිමට සුදානමක් ඇති බවත් ආනන්ද පාලිත අනාවරණය කළා.