27 C
Colombo
Saturday, December 2, 2023

අගමැති යන්න ඕන නැහැ – පළාත් සභා මන්ත්‍රී සංසදය

- Advertisement -

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බව පළාත් සභා මන්ත්‍රී සංසදය අද (26) දින පෙරවරුවේ ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා පළාත් සභා මන්ත්‍රී සංසදය අතර අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවති රැස්වීමේ දී මෙම යෝජනා සම්මතයට එළැඹුණු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ.

ඒ අනුව මෙම යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනුම් දීමට පළාත් සභා මන්ත්‍රී සංසදය මෙහිදී තීරණය කර තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට ඉදිරියටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම සහ ඡායාරූප යොදාගනිමින් ජනතාව අතරට ගොස් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යතුමාට විරුද්ධව ස්වාධීන වන්නේ නම් එය සදාචාර විරෝධී බවද පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයෝ මෙහිදී පවසා තිබෙනවා.

69 ලක්ෂයේ බහුතර ජනතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ තවමත් සිටින බවත්, ඔවුන්ගේ නිශ්ශබ්දතාව හේතුවෙන් සුළුතර පිරිසකගේ විරෝධය සමාජ මාධ්‍ය සහ ප්‍රධාන පෙලේ මාධ්‍ය මඟින් අනිසි ප්‍රචාරයක් ලැබීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් පළාත් සභා මන්ත්‍රීවරුන් සදහන් කරනවා.

මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන විරෝධය විරුද්ධ පක්ෂය සහ ආණ්ඩුවට විරුද්ධ විවිධ දේශපාලන සංවිධාන විසින් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව පොළඹවා ගනිමින් ක්‍රියාත්මක කරන්නක් බවද පෙන්වා දුන් අදාළ නියෝජිතයෝ මෙම විරෝධතාව තුළ අන්තවාදී බලවේග, දෙමළ ඩයස්පෝරාව සහ රට අරාජික කිරීමට බලා සිටින විදේශ බලවේග ක්‍රියාත්මක වන බවද ඔවුන් පෙන්වා දී තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරනවා.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් වසර 30ක් තිස්සේ මෙරට පැවති යුද්ධය නිමා කිරීමට නායකයත්වය දුන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා නොවන්නට අද පාරට බැස මෙවැනි විරෝධතාවල නිරතවීමට හැකි පරිසරයක් නිර්මාණය නොවන බව ද ඔවුහු සිහිපත් කළ බවද එම නිවේදනයේ සදහන්.

මෙම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, ඇතුළු ඇමතිකම් නැතිවී ගිය පිරිසක්ද සහභාගීවී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...