තිස්සමහාරාම – පොල්ගහවැලෑන – පන්නෙගමුව පාරේ පිහිටි ‘හොඳ හිත සිතිවිලි මන්දිර පරිශ්‍රයේ’ ඉදිකළ අඩි 127ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුලුන”අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (18) විවෘත කෙරුණා.
මෙම කුලුනේ මුදුනෙහි උසින් අඩි 16ක්, දිගින් අඩි 18ක් හා පළලින් අඩි 09ක් වූ ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිමවන ලද සමාධි බුද්ධ ප්‍රතිමාවක් තනා තිබෙනවා.
ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පුජ්‍යපාද රත්නපුරේ නන්ද හිමියන් විසින් මෙම බුදු පිළිමවහන්සේ නිර්මාණය කෙරුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුලුන විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ සල් පැලයක් ද රෝපණය කළා.
හොඳ හිත මුදලාලි නොහොත් මානවතිලක වර්ෂාහැන්නැදිගේ මහතා විසින් හොඳ හිත සිතිවිලි මන්දිරය නිමවා තිබෙනවා.


