31 C
Colombo
Saturday, April 20, 2024

තෙල් ගැන අගමැති කිව්වෙ මහ මෝඩ කතාවක් – විමල් වීරවංශ (වීඩියෝ)

- Advertisement -

පවත්නා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කුරුණෑගලදී කතාවක් පවත්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය ‘මහ මෝඩ ප්‍රකාශයක්’ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

මෙරට ඉන්ධන අර්බුදයක් ඇතිව තිබෙන්නේ ඉන්ධන නොමැති බවට හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය නොව ආනයනික ඉන්ධන නැව් මෙරටට ගොඩබෑම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට රටේ ඩොලර් නොමැති නිසා බවයි විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ.

මේ වන විට ගෑස් සම්බන්ධයෙන්ද මතුව තිබෙන්නෙ එවන් අර්බුදයක් බව වීරවංශ මහතා සදහන් කරනවා.

අර්බුදයේ ඇත්ත තත්ත්වය සාකච්ඡා නොකොට කිසිදු අර්බුදයක් නොමැති බවට සිතා යම් අයෙක් රාත්‍රියේ නිදිවදියි නම් පසුදා උදෑසන හිසට අර්බුදයේ පොලු පහර ලැබෙන බව වීරවංශ මහතා වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

අපි පැයකටවත් පක්ෂය දාලා ගියේ නැහැ – ලසන්ත අලගියවන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල නොවන දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (20) පවත්වා ඇති බවට එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක චෝදනා කරනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

මෙරට විශාලම මැයි රැළිය පවත්වන්න අපි කටයුතු කරනවා – සජිත්

මෙරට විශාලම මැයි රැළිය පැවැත්වීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ, මඩකලපුව ප්‍රදේශයේ පැවති සමගි වනිතා...

කැබ් රථයක් විදුලි කණුවක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල

මොරගහකන්ද - මාරගමුව ප්‍රදේශයේ දී කැබ් රථයක් අධි බැලැති විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇළහැර නාවුල ප්‍රධාන මාර්ගයේ සිදුවු මෙම අනතුරෙන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...