31 C
Colombo
Sunday, June 4, 2023

දෙමළ ජනතාවගේ ප්‍රශ්නය මේ රටේ විසඳීමට ඇති ප්‍රධානම ගැටලුවයි – සුමන්තිරන්

- Advertisement -

විපක්ෂයේ ප්‍රධානීන් නිරන්තරයෙන් ද්‍රවිඩ දේශපාලන නායකයන් රැවටූ බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා චෝදනා කර සිටිනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹදී විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා ආරම්භක සමුළුවට ඊයේ (17) දින සහභාගී වෙමින්.

රටේ දෙමළ ජනතාවගේ ප්‍රධාන ගැටලුවට විසඳුමක් දීමට පැහැදිලි ස්ථාවර ප්‍රකාශයක් නොදෙන්නේ නම් තවදුරටත් විපක්ෂය සමඟ එකට ගමනක් යාමට බලාපොරොත්තු නොවන බවයි ඔහු පවසන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන් ඇතුළු පිරිස පෙනී සිටින නමුත් සිය ඡන්ද කොට්ඨාසවලට යම් වරදක් වී ඇති බවත් මේ රටේ විසඳීමට ඇති ප්‍රධාන ගැටලුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නය බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවක් සඳහා ආරම්භක සමුළුව, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබුණි.

එහි සභාපති ලෙස හිටපු කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එහි මුලසුන හොබවනු ලැබූ අතර එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයින් හා නියෝජිතයින් ඊට එක්ව සිටියහ.

RECENT ARTICLES - SINHALA

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් පුද්ගල මළසිරුරක් හමුවෙයි

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ...

නාය යෑමේ අවධානම් ගැන නිවේදනයක්

ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය ම්.මී. 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පැවැතිය හොත් නායයෑම්, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...