28.9 C
Colombo
Thursday, July 10, 2025

හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දිර්ඝ කරලා

- Advertisement -

තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනකු අධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව ලබන ජනවාරි මස 20 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු හතර දෙනකුට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද (06) කැඳවූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් මෙම දැනුම් දීම සිදු කළා.

මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු , ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී එහි දෙවන වගඋත්තරකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට කිසිදු ආකාරයකින් සම්බන්ධ වී නොමැති බව සඳහන් කළා.

එසේ තිබියදී ඔහු මෙම අධිකරණයට අපහාස කිරීමේ නඩුකරයේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීම යුක්ති සහගත නොවන බවත් ඉන් ඔහුට අගතියක් සිදුවන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

එබැවින් ඔහු මෙම නඩු කටයුතුවලින් මුදාහරිණ ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් එම ඉල්ලීමට විරෝධය පළකළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දෙවන වගඋත්තරකරු කුමන ආකාරයක තනතුරක් දැරුවත් ඔහු අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව සඳහන් කළා.

දෙපාර්ශවය ඉදිරිපත්කළ කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නියෝගයක් කළ නොහැකි බවයි.

ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

නීතියට පටහැනි ආකාරයෙන් අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත්කිරිම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, එම නියෝග උල්ලංඝණය කරමින් අලුතින් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

POPULAR ARTICLES

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...