24 C
Colombo
Thursday, February 13, 2025

පොල් මද ගෙන්වීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

- Advertisement -

පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මද ආනයනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ , වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පොල්ගෙඩි මිලියන 200කට අදාළ වන පොල් ප්‍රමාණයක් පොල්කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ 03 යටතේ ප්‍රති අපනයනය සඳහා පමණක් ආනයනය කිරීමට අවසර දෙන ලෙස කැබිනට් පත්‍රිකාව මගින් ඉල්ලා තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග මහතා,

“ලංකා පොල් වාණිජ මණ්ඩලය අප වෙත කරන ලද ඉල්ලීමකට අනුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය එක්කව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මෙම මගින් බලාපොරොත්තු වෙන්නේ පොල් අඩු මාසවලදී… විශේෂයෙන්ම 2025 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවලදී අඩුවන ගෙඩි ප්‍රමාණය ආනායනය කිරීම සඳහා අවසර ලබාදීම. මෙම මගින් අපි අරමුණ දෙකක් බලාපොරෝතු වෙනවා. පළවෙනි අමුණ තමයි නිෂ්පාදකයින්ට බාධාවකින් තොරව තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යෑමට අමුද්‍රව්‍ය සැපයීම. දෙවෙනි අමුරණ තමයි පොල් පළදාව අඩුවීම නිසා පොල් කර්මාන්ත ශාලාවලින් සහ පොල් පාරිභෝගිකයින්ගෙන් යන දෙගොල්ලන්ගෙන් ඇතිවෙලා තිබෙන විශාල ඉල්ලුම හින්දා, ඉල්ලුම් සැපයුම් නියාය මත පොල් ගෙඩියේ මිල අසාමාන්‍ය ලෙස වැඩිවෙලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES