31 C
Colombo
Wednesday, February 12, 2025

මහජන අදහස් විමසීම අදින් අවසන්

- Advertisement -

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (17) දිනයේ අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව පළාත් නවයම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කෙරුණු අතර එය පසුගිය 10 වන දිනෙන් අවසන් වුණා.

එම සැසිවාරයන්වල දී පුද්ගලයින් 400 දෙනෙකු පමණ යෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

විදුලි ගාස්තුව 20ක පමණ ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවට ජනතාවගෙන් ඉදිරිපත් වූ යෝජනා සලකා බැලීමේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම සියලු යෝජනා අධ්‍යයනය කිරිමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු ද? නැද්ද? හෝ ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් එය කුමන ප්‍රතිශතයකින් ද? යන්න පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව හෙට (17) දිනයේ නිකුත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

POPULAR ARTICLES

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...