24 C
Colombo
Saturday, March 25, 2023

මහජන උපයෝගීතා කොමිසම වහන්නේ නැහැ

- Advertisement -

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා නොදමන බව නව සභාපති ජනක රත්නායක මහතා අවධාරණය කර තිබේ.

අද සිය ධුරයේ වැඩබාරගනිමින් ඒ් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීම සම්බන්ධයෙන් පල වු අදහස් සාවද්‍ය තොරතුරු මත පදනම් වී ඇති බවයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය දස වසරක කාලයක් තුල මහජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කර ඇති බවද නව සභාපතිවරයා පෙන්වා දෙනවා.

සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කලේ ඉදිරියේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවාව තවදුරටත් ශක්තිමත් කර විදුලි පාරිභෝගිකයාට උසස් සේවාවක් ලබාදීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම විදුලි ගාස්තු වැඩිකිරීමේ සුදානමක් නොමැති බවද නව සභාපතිවරයා අද (08) අනාවරණ කලා.

ඔහු පෙන්වා දුන්නේ වත්මන් විදුලි ගාස්තු පවා සාපේක්ෂව ඉහල මට්ටමක පවතින බවයි.

ඉදිරියේදී පුනර්ජනනීය බලශක්ති වැඩි වශයෙන් ජනන පද්ධතියට එක් කොට විදුලි පිරිවැය අඩු කල හැකි බවද ජනක රත්නායක මහතා පෙන්වා දුන්නා.

‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ වැඩපිළිවෙළෙහි දැක්වෙන පුනර්ජනනීය බලශක්ති ඉලක්කය ළඟා කරගැනීම සදහා අවශ්‍ය සහාය ලබාදෙන බව ද ඔහු සදහන් කලා.

ඔහු පෙන්වාදුන්නේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70% ප්‍රමාණයක් පුනර්ජනනීය විදුලි ප්‍රභවයන්ගෙන් ලබාගැනීම රජයේ ඉලක්කය බවයි.

නව සභාපති ජනක රත්නායක මහතා අද සිය ධුරයේ වැඩ බාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2021 ව්‍යාපෘති සැළැස්මද එළිදක්වනු ලැබුවා.
මේ වසරේදී නව ව්‍යාපෘති 111ක් ක්‍රියාවට නැගීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ණයෙන් කොටසක් IMF පළමු වාරිකයෙන් ගෙවයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් දසලක්ෂයක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

සංචාරකයින්ගේ පැමිණීමේ වෙනසක්

මෙම වසරේ පළමු මාස තුන තුළ මේ වන විට විදේශීය සංචාරකයන් 3,30,000ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා  සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

හරක් කටා නිසා සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට  විරෝධතාවයක්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...