27.8 C
Colombo
Friday, April 26, 2024

සරත් වීරසේකර ත්‍රස්ත සංවිධානයක් කියපු ‘කටාර් චැරිටි’ දැන් හොඳ වෙලා

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ රජයෙන්ම ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබූ ‘කටාර් චැරිටි ‘ සංවිධානය තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යළිත් ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කර තිබෙනවා.

ඒ කටාරයේ සංචාරයක නිරත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කටාර් චැරිටි සංවිධානයේ නියෝජිතයන් මුණ ගැනීමෙන් අනතුරුවයි.

එහිදී අමාත්‍යවරයා ‘කටාර් චැරිටි ‘ සංවිධානයට දැනුම් දී ඇත්තේ අදාළ සංවිධානයට එරෙහිව ලංකාව පනවා ඇති තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවයි.

‘කටාර් චැරිටි ‘ සංවිධානය 2019 වසරේ දි ගෝඨාභය රාජපක්ෂ රජය විසින් තනහම් කරනු ලැබූවා.

එය තහනම් කරමින් එවකට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ, කටාර් චැරිටි, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බවයි.

කටාර් චැරිටි සංවිධානයට එරෙහිව රජය එල්ල කළ එම චෝදනාව උපයෝගී කරගනිමින් නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමටද ගෝඨාභය රාජපක්ෂ රජය කටයුතු කළා.

හිජාස් හිස්බුල්ලාගේ සභාපතීත්වයෙන් යුතු සේව් ද පර්ල් නම් සංවිධානයට, කටාර් චැරිටි වෙතින් රුපියල් මිලියන 13 ක් ලැබී ඇති බව එවක මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියා.

ඔහු සදහන් කළේ, කටාර් චැරිටි ත්‍රස්ත සංවිධානයක් බවත්, එම සංවිධානයෙන් මුදල් ලබා තිබෙන නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු බවත්ය.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...