සංචාරක නවසීලන්තය සහ ශ්රී ලංකා කණ්ඩායම අතර මීට ටික වේලාවකට (19) පෙර ගාල්ලේ දී ආරම්භ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් තරඟය තාවකාලික ව නතර කිරීමට කටයුතු කළා.
අද දිනය ආරම්භ වී දෙවැනි පන්දු වාරයේ දීම ශ්රී ලංකා කණ්ඩායමේ තවත් කඩුල්ලක් බිඳ වැටුණේ 8 වැනි කඩුල්ල ලෙසයි.
ඒ, පටෙල් යොමු කළ පන්දුවකට ප්රභාත් ජයසූරිය විසින් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන්.
තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 303ක් ලබා සිටියා.