ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත් කර තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අද (25) මෙම පත්විමේ ලිපිය ලබාදීම සිදු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලලිත කලා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ලෙස ඔහු කටයුතු කර තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්ද වන ගයාෂාන් මහතා ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වනවා.